සී/ස නාවලිපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ ෆ්‍රෙෂ්ලන්ඩ් දියර කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව ජන අයිතියට පත් කෙරේ.

එල්.බී සේනාරත්න

සී/ස නාවලිපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ නව සමුපකාර මන්දිරය, ‍ෆ්‍රෙෂ්ලන්ඩ් දියර කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව හා සැවැන්දරා ගාඩින් අවන්හල ජන අයිතියට පත්කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ , කිරි හා බිත්තර ආශ්‍රිත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් (5) සිදුවිය.  

ප්‍රංශ ආධාර රුපියල් මිලියන 700ක ආධාර මුදල් , නාවලපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන ද වෙන්කරමින්  රුපියල් මිලියන 1200ක මුදලක් යොදවමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සිදු වු අතර, ලීටර 15,000ක  ධාරිතාවයක් මෙම කිරි කර්මාන්තශාලාවෙන් අපේක්ෂා කර සිටින අතර, කල් කිරි, චීස් , යෝගට් වැනි කිරි ආශ්‍රිත තවත් නිශ්පාදන ද මෙම කර්මාන්තශාලාව හරහා නිශ්පාදනය කිරීමට අපේක්ෂා කර සිටි.

මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා සදහන් කර සිටියේ,  වස විස වලින් පිරි කිරි පිටි වලට හුරුවීමේ අවසාන ප්‍රතිඵලය සුන්දර එකක් නොවන බවය. දියර කිරි වීදුරුවක අඩංගු පෝෂණය කිරි පිටි වලින් සකස් කර ගත් කිරි වීදුරුවක් නොමැති බවත්, දේශීය කිරි අවශ්‍යතාවයෙන් අඩක් හෝ සපුරාලීමට නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන මොහොතක කිරි නිෂ්පාදන කර්මාන්තය තුල නව ව්‍යාපාරිකයන්ට විශාල අවස්ථාවක් ද පවතින බවත්, ඒ සදහා රජයක් වශයෙන් අතහිත දීමට සූදානම් බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාව සදහාමධ්‍යම පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය හිටපු ආණ්ඩුකාරවර සරත් ඒකනායක, සී/ස නාවලිපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ජගත් ලක්ෂ්මන් ගලප්පත්ති, ප්‍රංශ ආර්ථික උපදේශක ජීන් ඇලෙක්සැන්ඩ්‍රා, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති,  පළාත් සමූපකාර කොමසාරිස් අමිල නවරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් විය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *